தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
එන්නත් ගන්න කොළඹින් ගාල්ලට ගිය අය සොයන්න CCTV දර්ශන පිරික්සන්න සැරසෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එන්නත් ගන්න කොළඹින් ගාල්ලට ගිය අය සොයන්න CCTV දර්ශන පිරික්සන්න සැරසෙයි



දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමෙන් පසුගිය 5වැනි දින සහ 7වැනි දින පිටවූ වාහන පිළිබඳ තොරතුරු ඇතුළත් සී.සී.ටී.වී. කැමරා දර්ශන ලබාගැනීමට බලාපොරත්තු වෙන බව ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අධිකරණයට පවසා තිබේ. එහෙත් එන්නත් ලබාදීමේදී අදාළ පුද්ගලයන්ගේ හැදුනුම්පත් අංකය, නම , ලිපිනය වැනි තොරතුරු ලබා ගැනීමක් සිදුවන පසුබිමක ඉතා පහසුවෙන් ඒ පැමිණි පිරිස හඳුනා ගැනීමට ඉඩ තිබියදී අපරාධ විමර්ශන අංශය සීසීටීවී පරික්ෂා කිරීමේ පදනම කුමක්ද යන ප්‍රශනය මතුවේ.

පසුගිය 05වැනිදා සහ 7වැනිදා කොවිශිල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට බස්නාහිර පළාතෙන් විශාල පිරිසක් වාහනවලින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණ ඇති බව ලැබුණු තොරතුරු අනුව ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ගාල්ල ප්‍රදේශයේ ජනතාවට ලබා නොදී අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී වාහනවලින් පැමිණි විශාල පිරිසකට උණවටුන පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී කොවිශිල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදුන් බවට ප්‍රදේශවාසීන් චෝදනා එල්ල කර තිබුණි.

එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ තොරතුරු තිබියදී සීසීටීවී පරික්ෂා කරන්නේ මේ පිළිබඳ පරීක්ෂණයක් කරන බව පෙන්වීමට මිස වැරදිකරුවන් අල්ලා ගැනීමට නොවන බවට ගාල්ල ප්‍රදේශවාසීන් පවසයි.