Posted on 03.17.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) කෝවිඩ් නිවාරණ එන්නත විදගත් පමනින් පුද්ගලයකු මුලුමනින්ම ආසාදනයෙන් හා ප්‍රචාරණයෙන් නොමිදෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක ජීව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.
ඇය පවසන ආකාරයට, රෝග ලක්ෂන නොමැති ආසාදන අවධානයට ලක් විය යුතු බවත් කෝවිඩ් වැළැක්වීමේ එන්නත ලබා ගත් පුද්ගලයෙකුට පවා වෛරසය ආසාදනය විය හැකිවා මෙන්ම එවැන්නකුගේ සිරුරේදී වෛරස් වික්‍රියාව අඩු විය හැකි අතර එම පුද්ගලයාගේ ශ්වසන ස්රාවයන්හි වෛරස ඝනත්වයද අඩු වේ. එබැවින් සම්ප්‍රේෂණ මට්ටම අඩු වුවද එවැන්නකුගෙන්ද රෝගය ප්‍රචාරණය සිදුවිය හැකි බව මහාචාර්ය මලවිගේ අවධාරණය කරයි. .
ඇය පවසන ආකාරය රෝග ලක්ෂණ රහිතවන තරමට ආසාදන වැලැක්විය හැකි බවට තහවුරු කළ කිසිදු එන්නතක් මේ දක්වා සොයාගෙන නැත. එම නිසා PCR පරීක්ෂණයකින් එන්නත මාත්‍රා දෙක ලබා ගත් පුද්ගලයෙකු තුළදවෛරසය ඇති නැති බව හඳුනාගත හැකිය.
මෙම පසුබිම තුළ ජනතාව විසින් මුහුණු ආවරණ, මුඛ ආවරණ සහ සමාජ දුරස්ථභාවය තවමත් අත්‍යවශ්‍ය ලෙස සලකන්නේ මේ නිසාය. සෞඛ්‍යාරක්ෂාව, අත් පිරිසිදුව තබා ගැනීම වැනි මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදීම අත්‍යවශ්‍ය බව ඇයගේ අදහස වේ.