தமிழ்
English
Contact
Friday 29th May 2020    
එළවලු මිල ගැන ඇසු විට 'පාන් නැත්නම් කේක් කන්න' ඇමතිවරු කියති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එළවලු මිල ගැන ඇසු විට ‘පාන් නැත්නම් කේක් කන්න’ ඇමතිවරු කියති!



එළවලු මිල ඉහළ ගොස් තිබෙන බැවින් එළවලු වෙනුවට වෙනත් ආදේශක යොදාගන්නා ලෙස අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වනවිට සහල් මිල දැරිය නොහැකි මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර සමස්තයක් ලෙස ආහාරද්‍රව්‍ය මිල දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇත. මින් පෙර ඇමති වාසුදේව නානායක්කාර විසින්ද ප්‍රකාශ කළේ මිල ඉහළ යන ද්‍රව්‍ය පරිභෝජනය කිරීමෙන් වැළකීමෙන් එම භාණ්ඩ සම්බන්ධ පාරිභෝගිකයන්ට ඇතිවන ගැටලුවට විසඳුම් ලැබෙන බවයි. ජනතාවගේ ආහාර අවශ්‍යතා සඳහා දේශීය වශයෙන් එළවලු වගාවේ වර්ධනයක් තිබියදී එම සැපයුම් නියාමනය කිරීමේ වගකීම ලාභය පසුපස හඹායන වෙළඳුන්ට දෙමින් ඇමතිවරු පවසන්නේ ඒවා මිලයට ගැනීමෙන් වළකුණු විට ප්‍රශ්නයක් ඇති නොවන බවය. මෙහිදී පාරිභෝගිකයාට වගකිවයුතු ඇමති ලෙස අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසා ඇත්තේ මෙවැන්නකි.

“පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නෙ මේ වෙලාවෙ එළවලු මිල ගණන් සම්බන්ධයෙන් කල්පනාකාරී වෙන්න කියලා. වෙන ආදේශක තියෙනවා නම් යොදාගන්න පුළුවන් නම් යොදාගන්න පුළුවන් තරම් දුරට. මේ තත්වය සාමාන්‍ය තත්වයට පත්වෙන තුරු මේක පවතින්න ඉඩ තියෙනවා”

ඔහු මේ බව පැවසුවේ සීඝ්‍රයෙන් ඉහළ යන එළවලු මිල ගණන් සම්බන්ධයෙන් ඊයේ (18) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.

මේවනවිට වෙළඳපොළේ බහුතරයක් එලවලු ග්‍රෑම් 250, රුපියල් 100 ට අධික මිලකින් අලෙවි වේ. තෝරාගත් එළවළු කිහිපයක ග්‍රෑම් 250 ක මිල ගණන් මෙසේය

▪️බෝංචි – රු 120/=
▪️කැරට් -රු 110/=
▪️වම්බටු රු 100/=
▪️බීට් – රු 90/=
▪️රතු ලූනු – රු 200/=

තත්වය මෙසේ තිබියදී ඇමතිවරු පවසන්නේ එම එළවලු මිලයට ගැනීමෙන් වළකින ලෙසය.