தமிழ்
English
Contact
Saturday 16th February 2019    
එ.ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්ත ගුරුවරු වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණයේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එ.ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්ත ගුරුවරු වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණයේ



එ.ජනපදයේ දෙවන විශාලතම පාසල් ප්‍රමාණයක් පිහිටි ලොස් ඇන්ජලීස් හි ගුරුවරු සිය වැටුප් සියයට හයකින් වැඩිකරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භකර ඇති බව වාර්තාවේ.
මේ සදහා එම ප්‍රාන්තයේ ගුරුවරු 30,000කට ආසන්න පිරිසක් එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැඩි වැටුප් හා පාසල්වලට ලබා දෙන පහසුක්ම ඉහළ දමන ලෙසත් පන්ති කාමරවල ඉඩ වැඩි කරන ලෙසත් පුස්තකාල හා අනෙකුත් පහසුකම් වහාම ලබා දීමට කටයුතු කරන ලෙසත් බල කරමින් මෙම උද්ඝෝෂණය ආරම්භකර ඇත.

අධ්‍යපන කටයුතු සදහා ලබා දෙනු ලබන ප්‍රතිපාදන ක්‍රමාණුකූලව කප්පාදු කිරීමෙන් හා අධ්‍යාපන ආයතන පෞද්ගලීකරණ කිරීමේ වැඩ පිළිවෙල වේගවත් කිරීමෙන් පසුව මෙම තත්වය නිර්මාණය වී ඇති බවත් වහාම එම තත්වයන් නතර කිරීමට කටයුතු කළ යුතු යැයිද උද්ඝෝෂනයේ නිරත ගුරුවරු අවධාරණය කර ඇති බව වාර්තාවේ.

එරට ප්‍රාන්ත ගුරුවරු මෙවැනි දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වා ඇත්තේ වසර 30 කට පසුවය.




Related News