தமிழ்
English
Contact
Friday 16th November 2018    
එ.ජනපදය චීන භාණඩ ගණනාවකට නව තීරු බදු පණවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එ.ජනපදය චීන භාණඩ ගණනාවකට නව තීරු බදු පණවයි



එක්සත් ජනපදය හා චීන අතර ඇතිව තිබෙන නව ආර්ථික යුද්ධයේ නව අදියරකට පැමිණ ඇති බව පෙනේ. මන්ද ඊයේ එක්සත් ජනපදයේ වානිජ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව ඩොලර් බිලියන 200 වටිනා කමකින් යුතු  චීනය විසින් එක්සත් ජනපදය වෙත එවනු ලබන තවත්  නිෂ්පාදන 6031ක් සදහා 10% ක නව තීරු බදු නැංවීමට තීරණය කර ඇති බවයි.

වසර කිහිපයක සිට පවතින දෙරට අතර වෙළද ශේෂ පරතයද මෙම නව තීරු බදු නැංවීමට හේතුවී ඇති අතර මේ වන විට ලොව විශාලතම ආර්ථික බලවත්න් වන්නේ එක්සත් ජනපදය හා චීනයයි. දෙරට වෙළද පරතය මේ වන විට චීනයට වාසිදායක ලෙස ගොඩනැගී තිබෙන අතර එය වෙනස් කරන ලෙස එක්සත් ජනපයෙන් අවස්ථා ගණනාවක චීනයට බලපෑම් එල්ලවිය.

නමුත් එක්සත් ජනපදය කියන ලෙස එම තත්වය චීනය විසින් ඇති කිරීමට කටයුතු නොකරන ලද අතර මීට පෙර චීන භාණ්ඩ කිහිපයක් වෙත නව තීරැ බදු පැණවීඹට එරෙහිව චීනයද පෙරළා එක්සත් ජනපද භාණ්ඩ කිහිපයකට නව තීරැ බදු වැඩිකළේය. මේ වන විට දෙපාර්ශ්වය විසින් එකිනෙකාට එරෙහිව නව තීරු බදු නැංවමින් සිය  හා වෙළද යුද්ධය නව වටයකින් අරඹා ඇත.

මේ වන විට ලෝව භාණ්ඩ නිෂ්පාදනය හමුවේ චීනය අත්පත් කරගෙන තිබෙන හැකියාව විසින් එක්සත් ජනපදයට ලෙහෙසියෙන් සිය තීරැ බදු නැංවීම මිගන් පමණක් මෙම වෙළද අර්බූදය සමනය කර ගැනීමට හැකි නොවනු ඇත.

කෙසේ වෙතත්  දෙරට අතර වන වෙළද පරතරය මේ වන විට චීනයට වාසිදායකව පවතී. මේ හේතුවෙන් එක්සත් ජනපදය සිය රටට ආනයනයකරනු ලබන චීන භාණ්ඩ සදහා නව තීරුබදු පණවමින් එය පාලනය කිරීමේ ප්‍රයත්නයක නිරතවේ. මේ වන විට ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාවලිය තුල චීනය අත්පත් කරගෙන තිබෙන භුමිකාව එය ට්‍රම්ප් පරිපාලනයට පහසු තත්වයක් නොවනු ඇති බව පෙනේ.




Related News