தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
එ.ජාතීන්ගේ එ.ජනපද තානාපතිනිය ඉල්ලා අස්වේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එ.ජාතීන්ගේ එ.ජනපද තානාපතිනිය ඉල්ලා අස්වේ



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිවරිය ලෙස කටයුතු කළ නිකී හේලි ඊයේ සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇයගේ ඉල්ලා අස්වීමත් සමග ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඉහළම විදෙස් දූත මණ්ඩල සාමාජිකාවද ඉවත්වීම සමග ඩොනල්ඩ් ට්‍රම්ගේ සමීපතම ඉහළ නිළධාරීන් ගණනාවක් පසුගිය කාලය තුල ඉල්ලා අස්වී තිබේ.

සිය නිල කටයුතුවලින් ඉල්ලා අස්වූ එම කණඩායමට අයත් නවතම සාමාජිකාව වන්නේ නිකී හේලිය.

ඇය දකුණු කැරොලිනාහි ආණ්ඩුකාරවරිය ලෙස කලක් කටයුතු කළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසුව ඇය එ.ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය ලෙස පත්කරනු ලැබුවාය.

ඇය රුසියාව. චීනය. උතුරු කොරියාව සිරියාව හා ඉරානය යන රටවල් වලට එරෙහිව එක්සත් ජනපදය ප්‍රතිපත්ති වෙනුවෙන් දැඩිව පෙනී සිටියාය.

දැඩි රිපබ්ලිකන් මතධාරිනියකු ලෙස හදුන්වනු අතර නිකී හෙලි ඉන්දියන් සම්භවයක් සහිත ඇමෙරිකානු කාන්තාවකි.




Related News