தமிழ்
English
Contact
Monday 10th December 2018    
එ. ජාතීන්ගේ මහ ලේකම්වරයා බාලි නගරයට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එ. ජාතීන්ගේ මහ ලේකම්වරයා බාලි නගරයට



එ.ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉන්දුනීසියාවේ බාලි නගරයට පැමිණි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ දිනවල ඉන්දුනීසියාවේ බාලි නගරයේ ආසියානු සංවිධානයේ හා ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ ඒකාබද්ධ හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මෙම හමුවට සහභාගීවීමට එහි පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හමුව සදහා එක්සත් ජාතීන්ගේ මහලේකම් ලෙස පත්වීමෙන් පසුව අන්තෝනියෝ ගුටෙයිරෙස් එම සංවිධාන දෙකේ ඒකාබද්ධ හමුවක් සදහා සහභාගීවන පළමු අවස්ථාව මෙය බව වාර්තාවේ.

මෙම හමුවේ පරමාර්ථය ලෙස දක්වා ඇත්තේ ලොව පුරා පවතින පරිසරික ගැටළු හා ලොව පුරා පැතිරයන සාගතය හා සංවර්ධනයේ විෂමතා අවමකරමින් තිරසාර සංවාර්ධනයක් ගොඩනැගීමට හා යහපත් පාරිසරික සමතුලිත බවක් නිර්මාණය කිරීම පිළිබදව පැවැත්වෙන ඒකාබද්ධ හමුවකි.

ඒවගේම පසුගිය දිනවල ඉන්දුනීසියාවේ හටගත් භූමිකම්පාවෙන් සිදුවූ මහා විනාශයෙන් පසුව එරට අපදාවන්ට ලක්වූවන්හට හා විනාශවූ දේපළ හානිවලට යම් සහනයක් ජත්‍යන්තරව ලබාදීමට හැකිදැයි මෙම හමුවේදී තවදුරටත් සාකච්ඡාවට ලක්කරන බවට වාර්තාවේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ හා ආසියානු සංවර්ධන අරමුදලේ විවිධ කොන්දේශි ප්‍රතිපත්ති පිලිපෑදීම හේතුවෙන් මේ වන විට ලොව පුර මෙන්ම ආසියානු රටවලත් බරපතල පාරිසරික හා කළාපීය අර්බූදයන් ගණනාවක් නිර්මාණයවී තිබේ.