தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
එ.ජා.පෙ. නායකයෝ 'හංසයා' ලකුණට එකග වෙති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එ.ජා.පෙ. නායකයෝ ‘හංසයා’ ලකුණට එකග වෙති!



ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන අපේක්ෂක ඡන්ද ලකුණ ලෙස ‘හංසයා’ ලකුණ තොරාගන්නට පක්ෂ නායකයන් විසින් ඊයේ(28) එකගතාවක් ඇතිකරගෙන තිබේ.
එ.ජා.ප. ඡන්ද ලකුණ ‘අලියා’ ලකුණ වෙනුවට 2015දී ජනාධිපතිවරණයට හා මහමැතිවරණයට තරග කිරීමට යොදාගත්ත හංසයා ලකුණම මෙසේ යොදාගන්නට එම පක්ෂ නායකයන් එ.ජා.ප. නායක අගමැති රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් පැවති  සාකච්ඡාවකදී තීරණය කර ඇත.

මෙම සාකච්ඡාවට එ.ජා.ප. සභාපති මලික් සමරවික්‍රම, අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක, සමස්ත ලංකා ජනතා පෙරමුණේ නායක රිෂාඩ් බදුර්දින්, බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේශන්, පලනි දිගම්බරම් යන පක්ෂ නායකයෝ එක්ව සිටියහ.