தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
ඒන්නත් ලබාගත් පොලිස් නිලධාරීන් 300 ක් කෝවිඩ් ආසාදනය වෙලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඒන්නත් ලබාගත් පොලිස් නිලධාරීන් 300 ක් කෝවිඩ් ආසාදනය වෙලා!



මේ වනවිට පොලිසියේ 300ට අධික පිරිසක් කෝවිඩ් ආසාදිතයන් බව හඳුනාගෙන ඇති බව පොලිසියේ ආරංචි මාර්ග පවසයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු දෙනාට එන්නත් මාත්‍රාවන් දෙකම ලබා දී ඇති බව ආණ්ඩුව නිල වශයෙන් නිවේදනය කළේ සති කිහිපයකට පෙරය.

ආසාදිත පොලිස් නිලධාරීන් කිසිවෙකු වෛරසයේ දරුණු රෝග ලක්ෂණ වලින් පෙළෙන්නේ නැති බව අනාවරණය වන අතර මේ වන විට මෙමෙ තත්වය සම්බන්ධ සෞඛ්‍ය අමාත‍්‍යංශය විසින් විශේෂ අවධානයක් යොමුකර ඇත.

කෙසේවුවද සෞඛ්‍ය නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ එන්නත් ලබා දීමෙන් වෛරසයේ දරුණු ස්වරූපයක් මෙන්ම මරණ ද වළක්වා ගත හැකි වුවද, මිනිසුන්ට කෙරෝනා ආසාදනය වීම වළක්වා ගත නොහැකි බවයි.