தமிழ்
English
Contact
Monday 10th December 2018    
ඓතිහාසික වටිනාකමක් ඇති ගාලු කොටුවේ තැරැව්කාර ඉඩම් ජාවාරම ජයටම! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඓතිහාසික වටිනාකමක් ඇති ගාලු කොටුවේ තැරැව්කාර ඉඩම් ජාවාරම ජයටම!



ඓතිහාසික වටිනාකමක් ඇති ගාලු කොටුවේ පැරණි ගොඩනැගිලි  සිය ගණනක් මේ වනවිට විදේශීකයන් විසින් මිලයට ගනිමින්මෙ පවතින බවත් කොටුව තුළ පදිංචිව සිටි 3000ට ආසන්න කොටුවේ ජනගහණය මේ වනවිට 1500 පමණ අඩුවී ඇතිබව ‘ගාලු උරුමය පදනම‘ පවසයි.

මාධ්‍ය වෙත මෙම කරුණු හෙළිදරව් කළ එම පදනමේ ප්‍රකාශයකු දක්වා ඇත්තේ ඉඩම් විකිණීමේ ජාවාරමේ නිරතවන තැරැව්කරුවන්ගේ මැදිහත්වීම නිසා ගාලු කොටුවේ ඉඩම් පර්චසයක් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වන බවය. එහිදී හිමිකම් සම්බන්ධයෙන් විවිධ ආරවුල් සහ නඩු පවරා ඇති ගොඩනැගිලි ද තැරැව්කරුවන් විසින් විදේශිකයින්ට රවටා විකිණිම නිසා ඒවා මිලට ගෙන ඇති විදේශිකයින් ගැටලු රැසකට මුහුණ දී තිබේ. රජයේ ආයතන පවත්වා ගෙන යන ගොඩනැගිලි 37  ඇතුළු ගොඩනැගිලි 450ක් පමණ ඕලන්ද යටත් විජිත පාලන සමයේ ඉදි කළ ගාල්ල කොටුවේ තිබෙන අතර ඒවායින් සියයකට අධික ප්‍රමාණයක් මේ වනවිට සංචාරක ව්‍යාපාර කටයුතු වෙනුවෙන් විදේශිකයින් විසින් මිලට ගෙන ඇත. මෙම ගොඩනැගිලි ලන්දේසි සහ ඉංග්‍රිසි  යුග වලට අයත් පුරා විද්‍යාත්මක වටිනා කමින් යුත් ඒවාය. කෙසේවෙතත් වසර 100කට වඩා පැරණි සියලුම ඉදිකිරීම් පුරාවිද්‍යා පනතට අනුව පුරාවිද්‍යාත්මක ස්ථාන වේ. නාගරික සංවර්ධන අධිකාරිය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැරණි ගොඩනැගිලි විනාශ කරන ලද අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබයි. එහෙත් ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරිත්වය දේශපාලන බලවතුන් සමග බැදී තිබෙන නිසා ඒ සියල්ල අවසානයේ මුදල් හා දේශපාලන බලයට යටවීමේ අනතුරක් ඇත.