தமிழ்
English
Contact
Friday 29th May 2020    
ඔක්තෝබර් 14 තෙක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඔක්තෝබර් 14 තෙක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කරයි



එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සති කිහිපයක් තිබියදී ඔක්තෝබර් 14 දක්වා පාර්ලිමේන්තුව අත්හිටුවන්නට එරට අගමැති බොර්ස් ජොන්සන් ප්‍රමුඛ කොන්සවටිව් ආණ්ඩුව තීරණය කර ඇත.

බ්‍රිතාන්‍ය ඔක්තෝබර් 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිත අතර ඊට පෙරාතුව නිල ක්‍රියාවලිය අනුව, පාර්ලිමේන්තුව අත්හිටුවන්නැයි දෙවැනි එළිසබෙත් රැජිනගෙන් ඉල්ලීමක් කරන්නට ආණ්ඩුව සූදානම් බව ප්‍රකාශකර තිබිණි. මෙම තීරණයට එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කළ විරෝධතා පෙත්සමට මේ වනවිට මිලියනයකට වැඩි පිරිසක් අත්සන් කර තිබේ.

මෙම තීරණය නිසා සමඟ බ්‍රිතාන්‍ය පවුම පහත වැටී ඇති බවත් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගය කුමන්ත්‍රණයක් හා යුද ප්‍රකාශ කිරීමක් යැයි ද විපක්ෂය චෝදනා කර ඇත. දැනට පවතින තත්ත්වය අනුව ය. ආණ්ඩුව පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කිරීමත් සමඟ යුරෝපා සංගමයට හිතවත් මන්ත්‍රීවරුන්ට අගමැති ජොන්සන්ගේ සැලසුම් පරාජයට කිරීමට ලැබෙන්නේ ඉතා කෙටි කාලයකි.