தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ඔක්තෝබර් සිට මේ දක්වා නිරෝධායන නීති යටතේ 50000ට වැඩි පිරිසක් අත්අඩංගුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඔක්තෝබර් සිට මේ දක්වා නිරෝධායන නීති යටතේ 50000ට වැඩි පිරිසක් අත්අඩංගුවට



පසුගිය ඔක්තෝබරයේ සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝණය කළ 50,184කු අත් අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට 43,000කට පමණ අධිකරණයේ නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

පවතින කොවිඩ් තත්වය හමුවේ මෙරට නිරෝධායන නීති කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බවත් ඒවා උල්ලංඝණය නිසා මාස හයක සිර දඬුවමක් හෝ රුපියල් 10,000ක දඩයක් ද නියම කිරිමට නීති සම්පාදනය කර ඇති බවද පොලීසිය පවසයි.

එහෙත් මේ වනවිට නිරෝධායන නීතිය වසංගත පාලනයට යොදාගන්නා සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස නොව සාමාන්‍ය ජනතාව මර්දනයට යොදාගන්නා මෙවලමක් ලෙස බාවිතා කරන බවට චෝදනා එල්ල වී තිබේ.

පසුගිය කාලයේදී ආණ්ඩුවේ හිතවතුන් සහ ආණ්ඩුවේ ඇමතිවරු ඉතා ප්‍රසිද්ධියේ නිරෝධායන නීති උල්ලංඝණය කරනු දැකිය හැකි වුවත් ඒ කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූවේ නැත. නමුත් නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව පසුගිය දිනවල පැවති මහජන විරෝධතා කිහිපයක්ම පොලීසිය විසින් මර්දනය කරනු ලැබුවේ නිරෝධායන නීතිය යොදාගෙන සහ එම නීතියද ඉක්මවා යමිනි.