தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
ඔටුවන් ඝාතන මෙන් නොව, මොනර ඝාතන වැරදි ආදර්ශයක් - රවින්ද්‍ර කාරියවසම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඔටුවන් ඝාතන මෙන් නොව, මොනර ඝාතන වැරදි ආදර්ශයක් – රවින්ද්‍ර කාරියවසම්



ඕස්ට්‍රේලියාවේ ඔටුවන් ඝාතනය අනුකරනය කරමින් ලංකාවේ ඇතැම් වනසතුන් පාලනය කිරීම සඳහා ඝාතනය කිරීම යොදාගත හැකිබවට ගෙන එන යෙජෙනා මුලුමනින්ම වැරදි බව පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් පවසයි. මොණරුන්ගෙන් කෘෂිකර්මයට වන හානිය වැළැක්වීමට මොනර ගහණයේ ප්‍රමාණාත්මක ඝාතනයක් කළ යුතු බවට මතුව ඇති මතය මුළුමනින්ම හෙළා දකින්නේ යැයි සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

සත්ත්ව ගහණ පාලනය කිරීම පිනිස එම සතුන් සංහාරයට ලක් කිරීම යනු මිනිසා පමණක් ලෝකයේ වාසය කළ යුතු යැයි කල්පනා කිරීමේ ප්‍රතිඵලයක් යැයිද  එය කිසිසේත් ප්‍රශ්නයට විසඳුමක් නොවන්නේ යැයි ද  ආචාර්ය කාරියවසම් පෙන්වා දෙයි. සොබාදහමේ තුලිතතාව නැතිවීම නිසා හටගන්නා මෙවැනි ප්‍රශ්නවලට හේතුවන තත්වයන් බිහිකරනු ලැබුවේ මිනිසුන් විසින්ම බවද ඔහු පවසයි.

වගාවට වන හානි වලක්වා ගැනීම සඳහා මොනරුන් ඝාතනය කිරීමෙන් ප්‍රමාණාත්මක පාලනයක් කළ යුතු යැයි මහාචාර්ය සරත් කොටගම පසුගියදා ප්‍රකාශ කර තිබිණ.

එහෙත් අප මානව සමාජයක් ලෙස මුහුණ දෙන ප්‍රශ්නවලට සැබෑ විසඳුම් සොයනු වෙනුවට ඔටුවන් අලින් හාවුන් ආදී වශයෙන් විවිධ සත්ව වර්ග සමූහ ලෙස ඝාතනය කිරීමට මේ නිසා පෙළඹී ඇතැයි ද එය ස්වභාව දහමේ රීතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීමකැයි ද ආචාර්ය කාරියවසම් පවසයි.

මේ ආකාරයටම වගා හානිය වළක්වා ගැනීමට යැයි කියා මොනර ගහණයේ ප්‍රමාණාත්මක ඝාතනයක් කළහොත් මීයන් හා සර්පයන්ගේ ගහණය වර්ධනය වනු ඇති නිසා නැවතත් එහි අනිටු විපාක මිනිසා කරාම පැමිණෙන ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

සොබාදහමේ තුලිතතාව ආරක්ෂා කිරීම සඳහා දිගුකාලීන පියවර ගතයුතු යැයි ද අලි මොණරුන් ඌරන් වැනි සතුන් තුවක්කු අතට ගෙන පාලනය කළ නොහැකි යැයි ද  කාරියවසම් වැඩිදුරටත් අවධාරනය කළේය.