தமிழ்
English
Contact
Tuesday 19th January 2021    
ඔත්තු සේවා නිලධාරියා රිය අනතුරට ලක් කළ තරුණයා ඇප මත මුදා හරී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඔත්තු සේවා නිලධාරියා රිය අනතුරට ලක් කළ තරුණයා ඇප මත මුදා හරී



වෛද්‍යවරයකු විසින් කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79ක් කොල්ලකෑමේ සිද්ධියේදී එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ රාජ්‍ය ඔත්තු සේවයේ කොස්තාපල්වරයෙකු රිය අනතුරකට ලක් කිරීම ගැන චෝදනා එල්ල වී සිටින තරින්ද්‍ර රත්වත්ත රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් ඊයේ (19) නියෝග කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය ඉදිරිපත් කළ පැමිණිල්ල ඊයේ (19) කොළඹ අලුත්කඬේ රථ වාහන අධිකරණය හමුවේ කැඳවූ අතර එහීද එම සැකකරු ඇප මත මුදා හරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස ඊයේ අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කළේය.

එම මෝසම සලකා බලමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා තරින්ද්‍ර රත්වත්ත ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

එසේම අධිකරණ නියෝගය පරිද සැකකරු විසින් සිදු කළ රිය අනතුරින් තුවාල ලැබ ප්‍රතිකාර ලබමින් සිටින අනෙක් ඔත්තු සේවා නිලධාරියා වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් එම නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් වෙත ලබා දීමද විවෘත අධිකරණය හමුවේ ඊයේ සිදු කෙරිණි.

ඉකුත් 11 වැනිදා රාත්‍රී සේවය නිමවී නවාතැන වෙත තවත් පොලිස් කොස්තාපල්වරයකු ද සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේ රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල් (93666) ඒ. ඒ. එස්. බී. වයි. අලහප්පෙරුම යන අයයි.