தமிழ்
English
Contact
Wednesday 17th August 2022    
ඔමික්‍රෝන් ආසාදිතයන් 208 දක්වා ඉහළට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඔමික්‍රෝන් ආසාදිතයන් 208 දක්වා ඉහළට



ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් 160 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර ඒ බව තහවුරු කර තිබේ.

ඔහු සඳහන් කළේ අදාළ ආසාදිතයින් පිරිස එම විශ්වවිද්‍යාලයේ රසායනාගාරය මගින් සිදුකළ පර්යේෂණ තුළින් හඳුනාගත් බවය.

ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 208 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.