தமிழ்
English
Contact
Friday 27th May 2022    
ඔමික්‍රෝන් ආසාදිතය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර නැහැ - උපුල් රෝහණ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඔමික්‍රෝන් ආසාදිතය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර නැහැ – උපුල් රෝහණ



මෙරටින් හමුවූ ප්‍රථම ඔමික්‍රෝන් ආසාදිතයා කවරෙකුදැයි යන්න මේ වනතෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දැනුම්දී නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම කාන්තාව නයිජීරියාවේ පැවති සමුළුවකට සහභාගී වී නැවත සිය සැමියා සමඟ මෙරටට පැමිණීමේදී සිදුකළ PCR පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිත බව තහවුරුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභපති උපුල් රෝහණ පවසයි. ඉන්පසු එම කාන්තාව ලුනාව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතත් පසුව නිවෙස බලාත් ගොස් තිබේ.

එහෙත් මේ විදේශයක සිට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් ආසදිතව සිටින බව හෝ නිවසේ නිරෝධායනය වෙමින් සිටි බව බිම් මට්ටමේ මහජන පරීක්ෂකවරුන් දැනුවත් කර නොමැති බවද සභාපතිවරයා පවසයි. මේ අනුව අදාළ කාන්තාවගේ ආසාදිතයන් හඳුනාගැනීම ගැටළු සහගත වී ඇති බවද ඔහු සඳහන් කර තිබේ.