Posted on 03.28.2022 by Chandana Sirimalwatte in කලා with 0 Comments
94 වැනි ඔස්කාර් සම්මාන උළෙල ආන්ලෙනාත්මක සිදුවීමකින් අවධානයට ලක් විය.
ජනප්‍රිය රංග ශිල්පී විල් ස්මිත් ඔස්කාර් උළෙලේ වේදිකාවේදී නිවේදන කටයුතු කරමින් සිටි ක්‍රිස් රොක්ගේ මුහුණට පහරදීම ඊට හේතුවයි. විල් ස්මිත් මෙසේ පහරදීමට හේතුව වූයේ ඔහුගේ බිරිඳ වන ජඩා පින්කට් ස්මිත් ගැන ක්‍රිස් රොක් විසින් කළ උපහාසාත්මක සඳහනකි.
ඇයගේ හිසකෙස් තට්ටය ගෑ අවස්ථාවක මෙන් සිහින්ව කපා තිබීම ගැන නිවේදකයා කීවේ “ජෙඩා GI Jane 2 චිත්‍රපටය එනතෙක් බලා ඉන්න බෑ” යනුවෙනි. මෙම සඳහන නිසා ප්‍රේක්ෂාගාරය සිනා සෙනවිට විල් ස්මිත්ද ඔවුන් හා සිනාසුණ අතර ඔහුගේ බිරියගේ මුහුණ අඳුරු වී යනු දැක ඔහුට එම උඵහාසය සම්බන්ධ කෝපයක් ඇති වී තිබේ.
තත්පර ගණනක් තුළ නැගී සිටි ස්මිත් වේදිකාවට නැඟී රොක්ට කම්මුල් ප්‍රහාරයක් එල්ල කළේය. අනතුරුව කිසිවක් නොවූ ලෙස ආපසු අසුන වෙත ගොස් ඔහු අසභ්‍ය වචන යොදා කෑගැසුවේය.
“මගේ බිරිඳගේ නම ඔබේ කටින් කියන්න එපා!”
නිවේදකයා ඊට එකඟ වූ නමුත් ‘මේ තමයි රූපවාහිනි ඉතිහාසයේ ශ්‍රේෂ්ඨම රාත්‍රිය’ යැයි කියා සිටියේය.
කෙසේවෙතත්, විල් ස්මිත්, ඔස්කා සම්මාන උලෙලේ හොඳම නළුවා ලෙස සම්මාන ලැබීය. එම සම්මානය භාර ගෙන ඔහු කඳුළු සලමින් ඇකඩමි ආයතනයෙන් හා ප්‍රේක්ෂාගාරයෙන් සමාව ඉල්ලා සිටියේය.
“මට ඇකඩමි ආයතනයෙන් සමාව ගැනීමට අවශ්‍යයි. මගේ නාමමයෝජනා ඉදිරිපත් කළ සියලු දෙනාගෙන් මට සමාව ගැනීමට අවශ්යයෙ”
විල් ස්මිත් මෙසේ සම්මාන ලැබුවේ ලෝක ටෙනිස් ශූරී, වීනස් විලියම්ස් සහ සෙරීනා විලියම්ස්ගේ පියා ලෙස ‘Richard King’ චිල්රපටයෙහි කළ රඟපෑම වෙනුවෙනි.
විල් ස්මිත්ගේ බිරිය සම්බන්ධ උපහාසාත්මක ප්‍රකාශය ඔහුගේ කෝපයට හේතු වූයේ ඇයගේ කොණ්ඩය අවම ලෙස කැපීමේ අදහස මෝස්තරයක් නිසා නොවූ බැවිනි. හිසකෙස් නැතිවීමේ තත්වය නිසා ඇය කෙස් අවම ලෙස කපා තිබිණි. නිවේදක රොක් විසින් සඳහන් කළ GI Jane චිත්‍රපටය 1997 නිෂ්පාදනය වූවක් වන අතර එහි ප්‍රධාන චරිතය Demi Moore විසින් නිරූපණය කරද්දී ඇය හිසකෙස් බූගා සිටියාය. එම චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටයක් පැමිණෙන විට විල් ස්මිත්ගේ බිරියට එහි රඟ පෑ හැකි බව උපහාසයෙන් කළ මෙම සඳහන ඇයට පීඩාවක් වඋ බවට සැකයක් නැත.
ශාරීරික තත්වයක් සම්බන්ධ හාස්‍යයන් නිර්මාණය කිරීමේදී විකට නළු නිළියන් බොහෝ අවස්ථාවල උපහාසය හා අපහාසය අතර සීමාව වරද්දා ගන්නා බවට ඔස්කා උලෙල අප්‍රසන්න අවස්ථාවක් බවට පත් කළ මෙම සිදුවීම සම්බන්ධ අදහස් පළ කරන බොහෝ දෙනා පෙන්වා දී ඇත. නමුත් ප්‍රේක්ෂාගාරයේ මෙන්ම එම සිදුවීම පසුව නැරඹූ බොහෝ දෙනා මෙය කලින් සූදානම් කළ ජවණිකාවක් යැයි සිතා තිබිණි.