தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
ඕස්ට්‍රේලියානුවෝ 79,000ක් කොරෝනා එන්නත්වල අතුරු ආබාධයන්ට ගොදුරු වෙති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඕස්ට්‍රේලියානුවෝ 79,000ක් කොරෝනා එන්නත්වල අතුරු ආබාධයන්ට ගොදුරු වෙති!



‘කොවිඩ් 19’ බෝවීම වැළැක්වීමේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු හටගන්නා අතුරු ආබාධ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ 79000ක් පීඩා විඳින බව වාර්තා වේ.

මේ වනවිටත් අතුරු ආබාධ පිළිබඳ වන්දි ලබා ගැනීමට, ඕස්ට්‍රේලියානුවන් 10,000 ක් ලියාපදිංචි වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එන්නත් ලබා ගැනීමෙන් පසු සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදුවූයේ නම්, ඒ වෙනුවෙන් වන්දි ලෙස ඕස්ට්‍රේලියානු ඩොලර් 5,000 ක මුදලක් ලබා දෙන බව බලධාරීන් පවසා තිබේ.

ඕස්ට්‍රේලියානු ඖෂධ පාලන අධිකාරිය විසින් කෝවිඩ් එන්නත්, හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කර ඇත. එන්නත ලබා ගැනීමෙන් පසු සෞඛ්‍ය ගැටලු ඇති නම්, අදාළ වෛද්‍ය වාර්තා සමඟ ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බව ඖෂධ පාලන අධිකාරිය ඕස්ට්‍රේලියානුවන්ට දැනුම් දී ඇත.

ඒ අනුව, මේ වනවිට එන්නත් ලබා ගැනීමෙන් පසු මතු වුණු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි 79,000 ක් ඖෂධ පාලන අධිකාරියට ලැබී ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ. 10,000 ක පිරිසක් ලියාපදිංචි වී සිටින්නේ මෙම 79,000 අතරිනි.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ මේවනවිට එන්නත් මාත්‍රා මිලියන 36.8 ක් එරට වැසියන්ට ලබා දී ඇති අතර, එන්නත් ලබා ගැනීමෙන් 9 දෙනකු මියගොස් ඇතැයි ද පැවැසෙයි. එන්නත ලබා ගැනිමෙන් පසු සෞඛ්‍ය ගැටලු මතුවූයේ යැයි පැමිණිලි කළ වැඩි දෙනා අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් ය.

ඕස්ට්‍රේලියානුවන්ට ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ ‘ෆයිසර්’ සහ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත්ය. ‘ෆයිසර්’ එන්නත් ලබාගත් 288 දෙනකුගේ හෘදයට හානි සිදුවී ඇති බවටත්, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා ගත් 160 රුධිර කැටි ගැසීම් නිසා රෝගී වී ඇති බවටත් පැමිණිලි ලැබී තිබේ.