தமிழ்
English
Contact
Monday 22nd April 2019    
ඕස්ට්‍රේලියා කාන්තාවෝ ජීවිත අයිතිය ඉල්ලති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඕස්ට්‍රේලියා කාන්තාවෝ ජීවිත අයිතිය ඉල්ලති!



කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලමින් ඕස්ට්‍රේලියාවේ දහස් ගණනක් කාන්තාවෝ  ප්‍රධාන නගරවලට රැස්වී පෙළපාලි පැවැත්වූහ.
ඊස්‍රායල් ශිෂ්‍යාවක් ඕස්ට්‍රේලියාවේදී ඝාතනය වීමෙන් පසුව මෙසේ සක්‍රිය වූ කාන්තා ක්‍රියාකාරිහු කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ලෝකයේම අවධානය යොමු වීම අවශ්්‍යතාව අවධාරනය කළහ. 3000 කට අධික පිරිසක් සිඩ්නි නගරයට රැස්වූ අතර තවත් නගරවලදී කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ විරෝධතා පැවැත්විණි.
ආයා මසාර්වේ නැමැති 21 හැවිරිදි ඊශ්‍රායල් ශිෂ්‍යාවගේ මළසිරුර ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය අසලින් සොයා ගෙන තිබූ අතර  20 හැවිරිදි තරුණයකුට මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. මින් පෙර පසුගිය වසරේ ජුනි මස රාත්‍රියක මෙල්බන් වීදියකදී ප්‍රහසන ශිල්පිනියක වූ යුරිඩයිස් ඩික්සන් මරා දැමුනු අතර එහිදීද කාන්තාවන් විදියේදි අනාරක්ෂිත බවට විරෝධතා එල්ල විය.