தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
ඖෂධ සඳහා ගෙවිය යුතු හිඟ මුදල් බිලියන 10 ක් ගෙවීමට රජය තීරණය කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඖෂධ සඳහා ගෙවිය යුතු හිඟ මුදල් බිලියන 10 ක් ගෙවීමට රජය තීරණය කරයි



පසුගිය වසරේ( 2019) ශ්‍රී ලංකාවට ගෙන්වූ ඖෂධවල හිඟ මුදල් බිල්පත් ගෙවීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන පවසයි.

ඒ අනුව කිසිදු හිගයකින් තොරව ඉදිරියේදී අවශ්‍ය ඖෂධ ගෙන්විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

මේ දිනවල පවතින කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සමඟ ඉදිරියේදී ඇතිවන තත්ත්වයට සූදානමක් ලෙස මෙම තීරණය ගැනීමට, ඖෂධ සඳහා පෞද්ගලික ආයතනවලට ගෙවිය යුතු හිග මුදල් ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දී ඇතැයි පැවසේ.