தமிழ்
English
Contact
Friday 14th May 2021    
කටුනායක කලාපයේ 28කට කොවිඩ් - ඒත් කලාපය වහන්නේ නෑ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කටුනායක කලාපයේ 28කට කොවිඩ් – ඒත් කලාපය වහන්නේ නෑ



කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන කම්කරුවන් 28 දෙනෙකුට මේ වනවිට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව වාර්තා වේ. ඊයේ දිනයේ සිදු කරන ලද PCR පරීක්ෂණ වලින් රෝගීන් 21 දෙනෙකු තහවුරු වී ඇති බව අද උදෑසන කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉඳුනිල් සමරතුංග මහතා පවසා තිබිණි. ඒ අනුව කටුනායක නෙක්ස්ට් ආයතනයේ සේවකයන් 20 දෙනෙකුට සහ චීප්වේ ආයතනයේ සේවකයන් එක අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබිණි.

අද දවස තුළ තවත් රෝගීන් 7 දෙනෙකු වාර්තා වූ අතර ඒ අනුව මේ වනවිට කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් වාර්තා වී ති සමස්ත රෝගීන් සංඛ්‍යාව 28 දෙනෙකි. නමුත් මේ අවදානම මධ්‍යයේ වුවද කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දැමීම හෝ එහි නිෂ්පාදන කටයුතු නතර කිරීම නොකරන බවට රජය තීරණයක් ගෙන තිබේ. මෙම තීරණය සමාගම් වල බලපෑම මත කම්කරුවන්ගේ ජීවිත අවදනාමේ හෙලමින් ගත් තීරණයක් බවට වෘත්තීය සමිති චෝදනා කරයි.