தமிழ்
English
Contact
Monday 17th June 2019    
කතෝලික පාසල් විවෘත කිරීම කල් දමන්න වේවි! - අගරදගුරු කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කතෝලික පාසල් විවෘත කිරීම කල් දමන්න වේවි! – අගරදගුරු කියයි



ආරක්ෂක තත්වය පිළිබද සෑහීමකට පත්විය හැකි නම් මැයි 14 කතෝලික පාසල් විවෘත කිරීමට කටයුතු කළ හැකි නමුත් ඇතැම්විට වෙසක් උත්සවයට පසුව මැයි 20 දක්වා කල්දැමීමටද ඉඩ ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් ජනමාධ්‍ය වෙත පවසා ඇත.

අප්‍රේ්ල් 21 ප්‍රහාරයෙන් පසුව මැය 6 වැනිදා පාසල් ආරම්භ කළ අතර ආරක්ෂාව පිළිබද සහතික කළ හැකි බව ආරක්ෂක අංශ මෙන්ම අධ්‍යාපන බලධාරින් පවසා ඇත. එහෙත් කාඩිනල්වරයා පවසා ඇත්තේ තවමත් ආරක්ෂාව තහවුරු කර නැති නිසා අවශ්‍ය වුවහොත් කතෝලික ජනයා වෙනුවෙන් වීදි බැසීමට වුවද සිදුවන බවය. මේ වනවිට පාසල් ආරම්භ වී සතියක් ගෙවී ඇති අතර, ව්‍යාජ ආරංචි, සමාජ මාධ්‍ය වෛර ප්‍රකාශ සහ වගකීම් විරහිත මාධ්‍ය වාර්තා ආදිය හේතුවෙන් භීතිය තවමත් සමාජය වෙලාගෙන ඇත. මේ තත්වය දේශපාලන වාසි සදහා පාලකයන් විසින් යොදාගනිමින් සිටී. මැයි 6 පාසල් ආරම්භ කළද පෞද්ගලික පාසල් ලෙස කතෝලික සභාව මගින් පාලනය කරන පාසල් මැයි 6 වැනිදා විවෘත කෙරුණේ නැත. එම පාසල් මැයි 14 විවෘත කරන බවට ප්‍රචාරය කළද කාඩිනල්වරයා දැන් පවසන්නේ තවමත් ආරක්ෂාව ගැන සෑහීමකට පත් නොවන බවය.

කාඩිනල්වරයාගේ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවේචන රැසක් එල්ල වී ඇත. විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නැවත සකස් කිරීමේදී අනාගාමික රාජ්‍ය ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට ගෙන ගිය ඉල්ලීමට පහර දෙමින් අගරදගුරුවරයා පැවසුවේ කතෝලික සභාව වශයෙන් මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවය. ආගමික පක්ෂග්‍රාහිත්වය නිසා රජය විසින් වෙනත් ආගම්වලට කෙනෙහිලිකම් කරන බවට දීර්ඝකාලයක චෝදනා තිබියදී කාඩිනල්වරයාගේ මෙම මැදිහත්වීම අනෙකුත් ආගම්වල මෙන්ම කතෝලික හා ක්‍රිස්තියානි භක්තිකයන්ගේ විස්මයට හා පිළිකුලට හේතු විය.