தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
කථානායක ප්‍රකාශයෙන් පසු දයාසිරි තේරීම් කාරක සභාවට යන්න තීරණය කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කථානායක ප්‍රකාශයෙන් පසු දයාසිරි තේරීම් කාරක සභාවට යන්න තීරණය කරයි



පාස්කු ඉරුදින ප්‍රහාරය විමර්ශනයට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට තමන් සහභාගී වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පවසා තිබේ. දයාසිරි ජයසේකර මීට පෙර කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණද ඔහු කාරක සභාවට නොපැමිණි හෙයින් අද(ජූලි 10) දිනයේ සාක්ෂි ලබාදෙන ලෙස කාරක සභාව දන්වා තිබුණි.

විශේෂ කාරක සභාව විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩකරන බැවින් තමන් එය හමුවට නොපැමිණෙන බවට දයාසිරි ජයසේකර මීට පෙර පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කර තිබුණි.

නමුත් එයට පිළිතුරු ලෙස කතානායක කරූ ජයසූරිය පවසා තිබුනේ පාස්කු දින ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති විශේෂ කාරක සභාව හමුවට දයාසිරි ජයසේකර පැමිණිය යුතු බවත් එසේ නොපැමිණෙන්නේ නම් එය පාර්ලිමේන්තුවට කරන අපහාසයක් බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ නඩු 5ක් විභාග වෙමින් පවතින හෙයින් මේ පිළිබඳ විශේෂ කාරක සභාව විසින් ප්‍රශ්න කිරීම ස්ථාවර නියෝගවලට පටහැනි බවද දයාසිරි ජයසේකර පවසා තිබුණි.

නමුත් පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු දැනට පවතින අධිකරණ කටයුතුවලට බාධාවක් නොවන බව නීතිපතිවරයා පැවසූ බව කතානායක කරූ ජයසූරිය පවසා ඇත. වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ නීතිපතිවරයා පවසා ඇත්තේ අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවල තීරණවලට බාධාවක් නොවීමට වග බලාගන්නා ලෙස පමණක් බවයි.