தமிழ்
English
Contact
Monday 17th June 2019    
කන්තලේ සීනි කම්හල විකුණුවේ වැරදීමකින් ! - ලක්ෂ්මන් කිරිඇල්ල | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කන්තලේ සීනි කම්හල විකුණුවේ වැරදීමකින් ! – ලක්ෂ්මන් කිරිඇල්ල



කන්තලේ සීනි කම්හල විදේශ සමාගමකට විකුණා ඇත්තේ වැරදීමකින් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබේ.

ඇමතිවරයා පවසන ආකාරයට කන්තලේ සීනි කම්හලට අයත් ඉඩමක් විකිණීමට කැබිනට් මන්ඩලය තීරණයක් ගෙන තිබේ. ඒ අනුව, අදාළ ගිවිසුම මුදල් අමාත්‍යංශය හා අදාළ විදේශ ගැනුම්කාර සමාගම සමග අත්සන් කරන ලද බවත් එහිදී වැරදීමකින් අදාළ ගිවිසුමට සීනි කම්හල විකුණා දැමීමේ වගන්ති ඇතුළත්ව ඇති බවද ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් අදාළ සමාගමට දැනුම්දී ඇති අතර ඒ අනුව අදාළ සමාගම විසින් ජාතයන්තර බේරුම්කරණ ක්‍රියාවලියක සහාය ලබාගැනීමට කටයුතු කර ඇත. එසේම මෙම ක්‍රියාදාමය අතරතුර කන්තලේ සීනි කම්හල වෙනත් පාර්ශ්වයකට ආණ්ඩුව විසින් විකුණා දැමීමට කටයුතු කර තිබේ. මේ නිසා සමාගම් දෙකම ආණ්ඩුවට එරෙහි නීති ක්‍රියාමාර්ගයකට එළඹී ඇත.