தமிழ்
English
Contact
Friday 22nd November 2019    
කඳුකර ජන අයිතීන් ගැන යෝජනා මාලාවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට දෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කඳුකර ජන අයිතීන් ගැන යෝජනා මාලාවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට දෙයි!



කඳුකර ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධ යෝජනාවලියක් ‘කඳුකර ජනතා ඉඩම් අයිතිය සුරකීමේ ව්‍යාපාරය‘ ඊයේ(5) පෙරටුගාමී සමාජවාදී වෙත භාර දෙනු ලැබිණි.

සියවස් දෙකක් පමණ කඳුකරය තුළ විවිධ දුක් වේදනා විඳිමින් වතු කම්කරුවන් හා වෙනත් සේවා සපයන්නන් ලෙස කටයුතු කරන ජනයා මෙරට පුරවැසියන් බවට පත්වීමේ අරගලය තුළද විශාල පීඩාවකට ලක්වූහ. කෙසේවෙතත් මේ වන විට වතු කම්කරු ජනයා ප්‍රමුඛ කඳුකර ජනයාට ඉඩමක හා නිවසක අයිතිය වෙනුවෙන්ද විශේෂයෙන් වතු කම්කරු ජනයාට දෛනික රු. 1000 වැටුපක් සහ ස්ථිර මාසික වැටුපක් වෙනුවෙන් සටන් කරන බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂය වෙනුවෙන් කඳුකර ජනතා ඉඩම් අයිතිය සුරකීමේ ව්‍යාපාරයේ නියෝජිතයන් හමුවී යෝජනාවලිය භාරගත් ඔහු පැවසුවේ ජනාධිපතිවරණය හුදු පොරොන්දු තරගයක් වුවද ජනතා අයිතින් වෙනුවෙන් පෙ.ස.ප. ගෙන යන අරගලය ජයග්‍රහණයන් දක්වාම ඉදිරියට ගෙන යන්නට ජනතාව සමග එක්වන බවයි.