தமிழ்
English
Contact
Tuesday 27th October 2020    
කප්පම් සඳහා කළ පැහැර ගැනීම්වලට සම්බන්ධ වාහන කොටස් නාවික කඳවුරුවල! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කප්පම් සඳහා කළ පැහැර ගැනීම්වලට සම්බන්ධ වාහන කොටස් නාවික කඳවුරුවල!



2008-2009 කාලයේ ඥාතීන්ට තර්ජනය කර කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයන් පැහැරගෙන යාම සම්බන්ධ චෝදනා අතර නාවික හමුදාවට ඒල්ලවන චෝදනා සම්බන්ධව තවදුරටත් ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ඒකතු වෙමින් තිබේ.

මෙසේ නාවික හමුදා සැකකරුවන් විසින් පැහැරගැනීම් සඳහා යොදාගත් වාහනයක් වර්ණ වෙනස් කර චැසි අංක පවා මකා ත්‍රිකුණාමල නාවික කඳවුරේ භාවිතයට ගෙන තිබියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබිණි.

ඒපමණක් නොව 2009 පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඔවුන් ගමන්ගත් වාහනය අතුරුදන් වූවද ඒම වාහනයේ කොටස් වත්තල නාවික කඳවුරේ තිබී සොයාගන්නා ලදී. ඒම වාහන කොටස් සම්බන්ධ නාවික කඳවුරේ පැහැදිලි කිරීම වී තිබුණේ පුපුරන ද්‍රව්‍ය සවිකළ වාහනයක කොටස් බවය.

විශේෂයෙන්ම නාවික හමුදා සොල්දාදුවන් හා නාවික හමුදාවේ නිල ඔත්තුකරුවන් විසින් මෙම පැහැරගැනීම් සිදුකර ඇති බවට අධිකරණය හමුවේ නඩු පවරා ඇති තත්වයක් තුළ මෙවැනි සාක්ෂි මගහැර යා නොහැකිය. සිසුන් 5 දෙනකු ඇතුළුව පුද්ගලයන් 11 දෙනකු කප්පම් ලබාගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ චූදිතයන් ලෙස හිටපු නාවික හමුදාපතිවරයකු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියකු නම්කර ඇත.

මෙම 11 දෙනා ත්‍රිකුණාමල නාවික කඳවුරේ ‘ගන්සයිට්’ නමැති ස්ථානයේ පිහිටි බ්‍රිතාන්‍ය යුගයේ රහස් සිරකුටිවල රඳවා තබා පසුව මුහුද මැදට ගෙනගොස් කොන්ක්‍රිට් කැබලිවල බැඳ ගිල්වා දැමු බවට තොරතුරු අනාවරණය වී ඇත.