தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
කබීර් හෂීම් පක්ෂ සභාපති ධූරයෙන් ඉවත් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කබීර් හෂීම් පක්ෂ සභාපති ධූරයෙන් ඉවත් කරයි



එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කළ යුතු යයි කියා සිටි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුගෙන් කෙනෙකු වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් එම ධුරයෙන් ඉවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ඉදිරි දිනයක පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා වෙත යොමු කිරීමට නියමිත බව පැවසේ.

ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයාට ලැබී ඇති බලය මත කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියෙන් මෙම නෙරපීම සිදු කරන බවද සදහන්ය.