தமிழ்
English
Contact
Thursday 5th December 2019    
කමල් ගුණරත්න පොලීසියට තමන්ගේ රාජකාරි ගැන නැවත අවධාරණය කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කමල් ගුණරත්න පොලීසියට තමන්ගේ රාජකාරි ගැන නැවත අවධාරණය කරයි



එළැඹෙන දින කිහිපයේදී රටේ ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා සැළකිලිමත් හා පරීක්ෂාකාරීව රාජකාරී කටයුතුවල නියැලෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙත උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරණයෙන් පසු රටේ ඇති වු දේශපාලනික වෙනස් වීම් සමඟ කලබල ඇතිවිය හැකි බව රටේ ජනතාව අතර අනිසි බියක් ඇති වේ යැයි පවසමින් එම දැනුම් දීම සිදු කර ඇත.

රටපුරා ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් , පොලිස් අධිකාරීවරුන් සහකාර පොලිස් අධිකාරීවරුන් සහ අදාල පොලිස් ස්ථානභාර ස්ථානාධිපතිවරුන් වගකිව යුතු බවටත් වැඩබලන පොලිස්පතිවරයා මගින් දැනුම් දී තිබේ.

යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සාමය කඩවන පරිදි ක්‍රියා කළහොත් තරා තිර නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා විසින් උපදෙස් ලබා දී තිබේ.