தமிழ்
English
Contact
Friday 14th May 2021    
කම්හල් වසා දැමීම නෙමෙයි සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමයි කළයුත්තේ - ඇන්ටන් මාකස් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කම්හල් වසා දැමීම නෙමෙයි සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමයි කළයුත්තේ – ඇන්ටන් මාකස්



දැනට පවතින තත්ත්වය තුළ නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා වසා දැමීම විසඳුමක් නොවන බවත් නියමිත සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක වන බව සහතික කරමින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම වඩාත් සුදුසු බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් පවසයි. නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා කිහිපයකින් කොරෝනා ආසාදිතයින් වාර්තා වුවත් කලාපය වසා නොදැමීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලංකා වීව්ස් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය. කර්මාන්ත ශාලා වසා දැමුවහොත් සේවකයන් දැනට භුක්ති විඳින අයිතිවාසිකම් අහිමිවීම පමණක් නොව සේවකයන්ගේ රැකියාවලටත් තර්ජනයක් එල්ල විය හැකි බව ඇන්ටන් මාකස් පවසයි. එසේම බ්‍රැන්ඩික්ස් ආයතනයේ සිදුවූ දේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේද මේ හේතුව නිසා බව ඔහු පවසා තිබේ.