தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
කලබල වැළැක්වීමට රටපුරා ඇදිරි නීතිය - ආරක්ෂක අංශවලට බලය පවරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කලබල වැළැක්වීමට රටපුරා ඇදිරි නීතිය – ආරක්ෂක අංශවලට බලය පවරයි



වයඹ පළාතේ සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසුව තවදුරටත් කලබල ඇති කිරීමේ උත්සාහයන් වැළැක්වීමට රටපුරා ඇදිරිනීතිය පැනවීමට ආණ්ඩුව තීරණය කර ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයෝ(12) වයඹ පළාතේ සිදුවීම් පිටුපස කලබල ඇතිකිරීමේ සංවිධානාත්මක ක්‍රියා ඇතිබවට පොලිසිය විසින් කරුණු සොයා බලමින් සිටින බව පැවසීය. තවදුරටත් කලබල ඇති කිරීම වැළැක්වීමට රටපුරා ඇදිරි නීතිය පැනවීමටත් හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ට විරුද්ධව කටයුතු කරන්නට ආරක්ෂක අංශවලට බලය පවරා ඇි බවටත් අගමැතිවරයා සිය ප්‍රකාහයෙන් සදහන් කර ඇත.