தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
කවුරුවත් කරපු නැති දේ ඊළඟ ජනාධිපති කරනවලු - මහින්ද සමුළු කතාවේදී කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කවුරුවත් කරපු නැති දේ ඊළඟ ජනාධිපති කරනවලු – මහින්ද සමුළු කතාවේදී කියයි



ඊයේ පැවති පොදුජන පෙරමුණු සම්මේලනයට එක් වෙමින් මහින්ද රාජපක්ෂ පවසා තිබුනේ ලංකාවට දූෂණය, මත්ද්‍රවය සහ දුප්පත්කම අහෝසි කරන නායකයෙක් බවයි. එම නායකයා 2020 ගැන නොව 2030 ගැන සිතන නායකයෙක් විය යුතු බවද මහින්ද පවසා තිබේ.

ඊයේ පැවති පොදුජන පෙරමුණු සම්මේලනයේදී මහින්ද රාජපක්ෂ එම පක්ෂයේ නායකයා ලෙසත් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසත් නම් කෙරෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ ” ජාතික ආරක්ෂාව නැවත තහවුරු කරගත්තයින් පසු රට නැවත ගොඩනගන්න ඕනා. එය කරන්න මනා විනයක සහ පාලනයක් අපිට අවශ්‍යයි. එහෙම නැතුව ලෝකේ කිසිම රටක් දියුණු වෙලා නැහැ”

මහින්ද වසර 10 ක කාලයක් රට පාලනය කරද ඔහු සඳහන් කරන දූෂණය, මත්ද්‍රවය සහ දුප්පත්කම අහෝසි කිරීමට ඔහුට නොහැකි විය. ඒ වෙනුවට ඒවා තව තවත් වර්ධනය විය. දූෂණය, මත්ද්‍රවය සහ දුප්පත්කම අහෝසි කරන බව බවසමින් ඉන් පසුව බලයට පත්වූ මෛත්‍රී – රනිල් ආණ්ඩුවද ඒවා අවසන් කිරීමට කිසිදු උත්සාහයක් නොගන්නා ලදී. මෙවැනි කතා වේදිකාවලට පමණක් සීමාවූ මැතිවරණ කතා බව පැහැදිලි වේ.