தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
කවුරු අලුතෙන් ආවත් මහින්ද පාක්ෂිකයන්ට මුල් තැන දෙනවා - නාමල් රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කවුරු අලුතෙන් ආවත් මහින්ද පාක්ෂිකයන්ට මුල් තැන දෙනවා – නාමල් රාජපක්ෂ



මැතිවරණයේදී කුමන පක්‍ෂයක් ‘පොහොට්ටුවට’ එක් වුවද, ‘පොහොට්ටුව’ගොඩනගන විට මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ‘පාරට බට’ පාක්‍ෂිකයන් ආරක්‍ෂා කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ පැවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ, වීරකැටිය කාල්ටන් නිවාසේදී පැවති මුල්කිරිගල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

“එදා මහින්ද රාජපක්‍ෂ මහත්මයාට විරුද්ධව එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව චෝදනා කරද්දී ඔබයිඒ වෙනුවෙන් පෙනීසිටියේ. පෙනීසිටියා පමණක් නොවෙයි ඉතා කෙටි කලකින් ‘පොහොට්ටුව’ ගොඩනගලා ලංකාවේ බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කරවලා දේශපාලන ඉතිහාසයේ දැවැන්තම බලවේගය බවට එය පත් කළා.”

මොන අය අපට එකතු වුණත් අපි පොහොට්ටුව හදනකොට මහින්ද රාජපක්‍ෂ මහත්මයා වෙනුවෙන් පාරට බැහැපු පිරිස අපි ආරක්‍ෂා කරනවා” යනුවෙන්ද පවසා ඇත.