Posted on 05.17.2020 by Sithara Sajeewani in විදෙස් පුවත් with 0 Comments
ඇමරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ් 19 වෛරසයට ගොදුරුවී මිය යන පුද්ගලයන්ගෙන් බහුතරය කළු ජාතිකයන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපද සංගණන කාර්යංශයට අනුව එරට ජනගහනයෙන් කළු ජාතික ඇමරිකානුවන් සියයට 13.4%කි. නමුත් කොවිඩ් 19 වසංගතයට ගොදුරුවූ පිරිසෙන් භාගයක්ම කළු ජාතිකයන් වන අතර කොවිඩ් මරණවලින් සියයට 60ක් කළු ජාතික මරණ වේ.
මෙයට හේතුව වී ඇත්තේ කළු ජාතිකයන්ට සෞඛ්‍ය සඳහා ප්රවේශවීමේ අවස්ථාව අඩුවීම බව නවතම අධ්‍යන වාර්තාවක් පෙන්වා දී ඇත.
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ, මිසිසිපි විශ්ව විද්‍යාලය ඇතුලු විශ්ව විද්‍යාල ගණනාවක මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයන් සඳහා කර ඇති පරිදි “සමාජ තත්වයන්, වර්ගවාදය සහ වෙනත් සාධක කළු ජාතිකයින්ගේ කොවිඩ් -19 රෝග විනිශ්චය සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමට බලපායි”
“සෞඛ්‍ය සේවා ප්‍රවේශය, නිවාසවල තත්ත්වය , විරැකියාව, වෙනස් කොට සැලකීම මෙම කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම සහ මරණ ඉහළ නංවා ඇත. එසේ නොමැතිව කළු ජාතිකයන්ගේ ජාන ලක්ෂණයක් හෝ සහජ ලක්ෂණයක් මේ සඳහා හේතු වී නොමැත”
එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තු වාර්තා ඇති පරිදි බහුතර කළු ජාතිකයන් පිරිසකට ප්‍රමාණවත් සෞඛ්‍ය රක්ෂණයක් නොමැත. මේ තත්ත්වය නිරන්තරයෙන් රෝග සඳහා ප්‍රතිකාර ගැනීම පමා කිරීමට හේතුවී ඇත.
මෙම දත්ත මගින් සුදු ජාතිකයන්ට සාපේක්ෂව කළු ජාතිකයන්ට වැඩිපුර COVID-19 ආසාදනය වී ඇති බව සොයාගැනීමට අමතරව දියවැඩියා , හෘද රෝග සහ මොළය ආශ්රිත රෝග, ඇදුම වැනි රෝග සහ ඒ ආශ්රිත මරණ වැඩි බවද අනාවරණය කර ඇත.
මේ රෝග සඳහා ප්‍රධාන ලෙස බලපාන පෝෂ්‍යදායි ආහාර නොමැතිවීම බව මිල අඩු වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු ආහාර වෙත යොමුවීම බව විශේෂඥයන් පවසා ඇත. ඔවුන් පවසන්නේ මෙම තත්ත්වය කොවිඩ් 19 විසින් තවත් තීව්ර කිරීම පමණක් සිදුව ඇති බවයි.