தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
ක්ෂුද්‍ර මුලය ණය ව්‍යසනයට එරෙහිව ජාතික සමුළුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ක්ෂුද්‍ර මුලය ණය ව්‍යසනයට එරෙහිව ජාතික සමුළුව



ජීවිතය වෙනුවට මරණය අත වනන ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යසනයට එරෙහි ජාතික සමුළුව ඊයේ (04) බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වුණි. මෙහිදී වංචාකාරී ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල අත්තනෝමතික ක්‍රියාකාරිත්වය පාලනයට නීති සැකසීමට, සමාගම් විසින් ජනතාවගෙන් අයකරගත් පොලී නැවත අයකර දීමට සමාගම් විසින් ක්‍රියාත්මක කර තිබෙන නීතිමය ක්‍රියාමාර්ග සහ බලහත්කාරයන් නැවත්වීම ඇතුලු යෝජනා මාලාවක් මෙහිදී දේශපාලන නියෝජිතයන්ට ලබාදීම සිදුවිය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් කාන්තා එකමුතුව විසින් සංවිධානය කර තිබූ මෙම සමුළුව සඳහා ලංකාවේ එම ගැටලුවට මුහුණ දී සිටින කාන්තාවන්, ක්ෂුද්‍ර මූල්‍ය ණයට එරෙහි සමාජ ක්‍රියාකාරීන් සහ දේශපාලන නියෝජිතයින් පිරිසක්ද සහභාගී වී සිටියහ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය සඳහා වන විසඳුම් යෝජනාවලියක් මෙවර ජනාධිපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කිරීමත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් සමග ඒ පිළිබඳ සාකච්ඡාවක් සිදු කෙරුණි. ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය පිටුදැකීම සඳහා ව්‍යාපාරයේ සාමාජිකයන් විසින් තම අත්දැකීම් සහිත අදහස් ඉදිරිපත් කරන ලද අතර විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් 200 ක පමණ පිරිසක් මේ සඳහා සහභාගී විය.