Posted on 04.06.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්නැයි ඉල්ලා ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට කාන්තාවන් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (06) පොලොන්නරුව,හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි.
එම ණය උගුලේ සිරවී දැනට පීඩාවිඳින, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි කාන්තාවන් මේ සඳහා සහභාගී වී සිට තිබේ. ණය අහෝසි කරන ලෙස රජයට බලකරමින් ඔවුන් හිඟුරක්ගොඩ නගරයේ ආරම්භ කර ඇති උපවාසයට අදට(06) දින 30ක් සපිරෙන අතර එයට සමගාමීව මෙම උද්ඝෝෂණය පවත්වා තිබේ.