தமிழ்
English
Contact
Friday 29th May 2020    
ක්‍රීඩාංගන විරෝධයේ වාසිය මහින්දට! - බන්දුලට නොදන්වා ව්‍යාපෘතිය අත්හිටුවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ක්‍රීඩාංගන විරෝධයේ වාසිය මහින්දට! – බන්දුලට නොදන්වා ව්‍යාපෘතිය අත්හිටුවයි!



මහින්ද රාජපක්ෂගේ නමින් පිහිටුවන ලද දියගම ක්‍රීඩා සංකීර්ණය ආශ්‍රීතව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් තැනවීමෙන් දේශපාලන වාසි ලබාගන්නට උත්සාහ කළ බන්දුල ගුණවර්ධනට මහින්ද රාජපක්ෂගෙන්ම දේශපාලන අතුල් පහරක් වැදී තිබේ.
කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජන සමාජයක ප්‍රමුඛතා පසෙක තිබියදී මෙම ක්‍රීඩාංගන ව්‍යාපෘතියෙන් සිය මහමැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීම බන්දුල ගුණවර්ධනගේ උපායික සැලැස්ම විය. ඒ් සඳහා දියගම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු නැවත පටන් ගැනීමට ඇමති බන්දුල ගුණවර්ධන දැරූ උත්සාහය විරෝධතා මතුවීම නිසා ආණ්ඩුවට බලවත් අවාසිදායක තත්වයක් ඇති විය. මේ ආකාරයෙන් බන්දුල ගුණවර්ධනට පමණක් නොව ආණ්ඩුවටම පහරක් වන්නට තිබුණු තත්වයක් උද්ගතව තිබියදී වහාම ඒම ව්‍යාපෘතිය නවතා දමන්නට කටයුතු කරන බවට ප්‍රචාරයක් ගෙන යමින් ඒහි වාසිය අගමැති මහින්ද රාජපක්ෂ ලබාගෙන තිබේ.

ඩොලර් මිලියන 50ක් පමණ වැය වෙතැයි සැලකෙන මෙම ක්‍රීඩා පිටියට ඒල්ල වූ මහජන විරෝධය තමන්ගේ වාසියට පෙරලා ගන්නට දේශපාලන වශයෙන් උපායශීලි පුද්ගලයකු ලෙස මහින්ද රාජපක්ෂ පියවර ගෙන ඇත. ඒ් අනුව, හෝමාගම දියගම ඉදිකිරීමට යෝජිත අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වහාම අත්හිටුවීමට අගමැති මහින්ද රාජපක්ෂ නියෝග කරණ ලද බවට මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබා දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, හිටපු සහ වත්මන් ක්‍රිකට් නායකයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් ඇතුළු පිරිසක් කැඳවා අද පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය මාධ්‍ය වෙත මුදා හැර තිබේ.
අගමැති මහින්ද විසින් හිටපු ක්‍රිකට් නායකයන් වන රොෂාන් මහානාම, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාරද වත්මන් විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංගද මෙම සාකච්ඡාවට සහභාගි කරගෙන තිබේ.
ඔවුන්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ නිලධාරීන්, ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මෙම සාකච්ඡාවට සහභාගි කරගෙන ඇතත් බන්දුල ගුණවර්ධන මෙම අවස්ථාවට කැඳවා නොතිබීම විශේෂත්වයක් විය.