Posted on 03.18.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ක්රිකට් පාලක මණ්ඩලයේ වත්මන් සහ අතීත පරිපාලකයන්ට චෝදනා නැගීම සඳහා ජාතික උත්සවයක් යොදා ගැනීම සම්බන්ධව හිටපු ක්රිකට් නායක අර්ජුන රණතුංග අග්මැති මහින්ද රාජපක්ෂගෙන් සමාව ඉල්ලා ඇත.
තමන් එකී අවස්ථාවට සහභාගී වන්නේද යන්න සම්බන්ධ දෙගිඩියාකින් පසු වූ බවද සමහර දූෂිත නිලධාරීන් පැමිණ සිටින බව දැනගත් පසු ආපසු හැරවීමට පවා කල්පනා කළ බවත් ඔහු එහිදී පැවසීය.
1996 ලෝක කුසලානය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා සහ සාමාජිකයන් අද(17) අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැඳවා උපහාර දැක්වීය.
මෙම අවස්ථාවට හිටපු ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල ඇතුළු වත්මන් හා හිටපු ක්රිකට් මණ්ඩල සාමාජිකයන් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.
මෙම අවස්ථාව තුළ සභාව අමතමින් අර්ජුන රණතුංග විසින් වර්තමානයේ ක්රිකට් පරිපාලකයින්ට මෙන්ම අතීත පාලකයන්ටද වාග් ප්රහාරයක් එල්ල කළේය.
එම අවස්ථාවට සහභාගී නොවූ ක්රීඩා ඇමති නාමල් රාජපක්ෂගෙන් ඔහු ඉල්ලා සිටියේ කොමිසමක් පත් කර ලංකා ක්රිකට් ක්රීඩාවේ සිදුවන දූෂණ පිළිබඳව සොයා බලන ලෙසයි.
ඩුබායි නිවාඩුවක සිට ආපසු පැමිණි නිසා නිරෝධායනයේ යෙදී සිටින බැවින් මෙම අවස්ථාවට සහභාගී විය නොහැකි බව නාමල් රාජපක්ෂ ඇමතිවරයා විසින් අර්ජුන රණතුංගට දන්වා තිබිණි.