தமிழ்
English
Contact
Monday 6th July 2020    
ක්‍රිකට් පිටියේ හීනය වෙනුවෙන් හිඟාකන්නත් සූදානම්! - බන්දුල ගුණවර්ධන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ක්‍රිකට් පිටියේ හීනය වෙනුවෙන් හිඟාකන්නත් සූදානම්! – බන්දුල ගුණවර්ධන



ජනතා විරෝධය හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ මැදිහත් වී නවතා දැමූ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට හිඟාකෑමෙන් හෝ අරමුදල් සපයාගන්නට අදහස්කරන බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, බන්දුල ගුණවර්ධන පවසයි.

තමා සිහින මවන ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සම්බන්ධ අදහස තමන් තවමත් හදවතින් අත්හැර නැති බව ඇමතිවරයා පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.
තමන් ඒකී ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ඉඩමක් ඉල්ලූ නිසා බව කී ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් ‘අනවශ්‍ය විවේචන’ ඉදිරිපත් වූ නිසා එය තාවකාලිකව නවත්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ පැවසූ බව ද කීවේය. මේ වනවිට රට පුරා ජාතයන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගන ගණනාවක් ඇතත් ඒ්වා භාවිතයට ගන්නා ප්‍රමාණය හා ලංකාවේ ක්‍රිකට් මට්ටම සම්බන්ධ පරතරය ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීනයන් විසින් පෙන්වා දෙන ලදී. ඒ් නිසා නව ක්‍රීඩාංගන වෙනුවට පාසල් ක්‍රිකට් උසස් මට්ටමකට ගෙන ඒන්නට පියවර ගත යුතු බවට යෝජනා මතු විය. කෙසේවෙතත් ඇමතිවරයාට ඒ්වා අවධානයට ලක්ව තිබූ බවක් අද කළ ප්‍රකාශයෙන් පැහැදිලි විය.
ඔහු කියා සිටියේ රටේ අනාගතයට මෙම විශාල ක්‍රීඩාංගණය අවශ්‍ය නම් රජයේ හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් සතයක්වත් නොමැතිව වෙනත් රටක හෝ ආයතනයක ආධාර සිඟමනේ ගොස් හෝන එය ඉදිකිරීමේ හැකියාව තමන්ට තිබෙන බවය. මේ අනුව, තමන්ගේ නමින් ක්‍රිඩාංගනයක් බිහි කිරීමේ අරමුණක් ඇමතිවරයාට ඇති බව අනාවරණය වේ. කෙසේවෙතත් ඒවැනි ක්‍රීඩාංගනයක් ඉදිකරන්නේ රජයේ ඉඩමකද නැද්ද යන්න ඔහු කියා සිටියේ නැත. ඇමතිවරයා ප්‍රකාශකරන්නේ තම සිහින සැබෑ කරගන්නට මහජනයාගේ ඉඩම් භාවිතයට ගැනීමට ඇමතිවරයා සූදානමින් සිටින බවයි.