தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
ක්‍රියාත්මක කළ යුතු කැබිනට් තීරණ පමණයි! - ගෝඨාභය ඇමතිවරුන්ට කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ක්‍රියාත්මක කළ යුතු කැබිනට් තීරණ පමණයි! – ගෝඨාභය ඇමතිවරුන්ට කියයි



මේ වනවිට උද්ගතව ඇති තත්වය යටතේ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කෙරෙන බැවින් අමාත්‍යාංශ මට්ටමින් තීරණ ගැනීමෙන් වළකින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමැතිවරුන්ට දැනුම් දී ඇත.
ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමේදී කොරෝනා වයිරසය හා සම්බන්ධ සෞඛ්‍ය, මහජන සුබසාධනය, ආර්ථිකය හා ජාතික ආරක්ෂාව පිළිබදව තීන්දු මෙසේ කබිනට් මන්ඪලයෙන් පමණක් ගන්නා බවත් වෙනත් ආකාරයක තීන්දු ක්‍රියාත්මක නොකරන ලෙසත් ජනධිපතිවරයා විසින් දැනුම් දී ඇත.
පවතින තත්වය යටතේ සියලු ක්ෂේත්‍රවලට අදාළ පරිපාලන හා සහන සේවා කටයුතු සහ දිස්ති‍්‍රක්ක මට්ටමේදී පවත්වාගෙන යායුතු කාර්යයන් සම්බන්ධ තීරණ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය සහ නම් කරන ලද කැබිනට් ඇමැතිවරුන් හා ආණ්ඩුකාරවරුන් විසින් සම්බන්ධීකරණය කරනු ලබන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත. ප‍්‍රාදේශීය හා ග‍්‍රාමීය මට්ටමේ කටයුතු දිස්ති‍්‍රක් සම්බන්ධිකරණ අමැතිවරුන්ගේ හා ආණ්ඩුකාරයාගේ අධීක්ෂණය යටතේ ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් කි‍්‍රයාත්මක කරනු ලබන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.