தமிழ்
English
Contact
Wednesday 12th August 2020    
ක්‍රීඩාංගනයට කැබිනට් අනුමැතියක් නෑ කියමින් බන්දුල ජාම බේරාගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ක්‍රීඩාංගනයට කැබිනට් අනුමැතියක් නෑ කියමින් බන්දුල ජාම බේරාගනී!



මෙරට විශාලතම ජාත්‍යන්තර ‍ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හෝමාගමදී ඉදි කිරීමේ ව්‍යාපෘතිය මහජන විරෝධයට ලක්වීමෙන් පසුව ඒයින් මැතිවරණ ප්‍රචාරක වාසියක් ගන්නට උත්සාහ කළ ඇමති බන්දුල ගුණවර්ධන ආණ්ඩුවේ නායකයන්ගේ දෝෂාරෝපණයට ලක්ව ඇත.
ජනාධිපතිවරයා මෙන්ම අගමැති මහින්ද මෙවැනි ව්‍යාපෘතියක් සම්බන්ධව මේ තරම් කඩිමුඩියේ පටන්ගන්නට සූදානම් වූයේ ඇයිද යන්න ජනාධිපතිවරයා විසින් විමසා ඇති බව විශ්වාසදායක මූලාශ්‍රයකින් දැනගන්නට ලැබිණි. ඒහිදී මාධ්‍යවේදීන් කැඳවමින් ප්‍රචාරයක් දෙන්නට හා ස්ථානීය නිරීක්ෂණ කටයුතු කරන්නට නිලධාරින් සම්බන්ධ කරගන්නට ඇමතිවරයා පියවර ගෙන ඇත්තේ සිය මැතිවරණ ප්‍රචරක කටයුතුවල කොටසක් ලෙසය. ඒහෙත් ආණ්ඩුව ඒවැනි පියවර නිසා විශාල මහජන විරෝධයකට මුහුණ දෙමින් සිටින බව ජනාධිපතිවරයා ඇමතිවරයාට දෝස් මුරයක් ඒල්ලකර ඇත.
ඒවැනි ව්‍යාපෘතියක කීර්තිනාමය ලබාගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථවීමෙන් පසුව ජාම බේරාගැනීම සඳහා ඒ ව්‍යාපෘතිය සඳහා තවමත් කැබිනට් අනුමැතිය හිමිවී නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත පවසා ඇත.
මේ සම්බන්ධව අදහස් දක්වමින් අද(21) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පවසා ඇත්තේ එම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම මෙම ව්‍යසන කාලය තුළදී සිදු නොකරන බවයි.
මෙම ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායකයින් වන අර්ජුන රණතුංග, රොෂාන් මහානාම සහ මහේල ජයවර්ධන වැනි ප්‍රවීණ ක්‍රීඩකයන් අදහස් දක්වමින් පවසා තිබෙන්නේ නව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් සඳහා මේ මොහොතේ මුදල් වියදම් කිරීම විහිළු සහගත බවය. දැනට ක්‍රිකට් ආයතනය සතුව ඇති ක්‍රීඩාංගණවල ප්‍රමාණවත් තරම් ක්‍රිකට් තරග ක්‍රීඩා නොකරන පසුබිමක තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් අවශ්‍යද යන්න ඔවුන්ද ප්‍රශ්නකර ඇත. මෙම ක්‍රීඩාංගනය සම්බන්ධව බන්දුල ගුණවර්ධන විසින් මාධ්‍ය හරහා ගෙන ගිය ප්‍රචාරයත් සමගම සාමාන්‍ය ජනයා ඊට විරෝධය පළකරමින් සිටි අතර ප්‍රකට ක්‍රීඩා තරුද ඒම විරෝධයට ඒක්ව සිටියහ.