தமிழ்
English
Contact
Monday 17th June 2019    
කාත්තන්කුඩිය අරාබිකරණය කිරීම ගැන මුස්ලිම් ආගමික සංවිධානවලින් හිස්බුල්ලාට චෝදනා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාත්තන්කුඩිය අරාබිකරණය කිරීම ගැන මුස්ලිම් ආගමික සංවිධානවලින් හිස්බුල්ලාට චෝදනා



නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යටතේ කාන්තන්කුඩිය ප්‍රදේශයේ අරබිකරණය වීම ආරම්භ වීම සහ වර්ධනය වීම සිදුවූ බව කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සංවිධානයේ සාමාජික අබුසාලි උවයිස් ඊයේ(11) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් පවසා ඇත.

අරාබිකරණය යනු මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවයක් නොවන බවත් එය සෞදි අරාබිය තුළ වෙනත් ජාතීන් පිටමන් කිරීමට අරඹන ලද්දක් බව ද ඔහු පවසා ඇත.

එසේම ඔහු පවසා ඇත්තේ අරාබිකරණය මුස්ලිම්වරුන් රැඩිකල්කරණය සඳහා දායක නොවන බවයි. එසේම තේරීම් කාරක සභාව යොමුකළ ප්‍රශ්නයකට අබුසාලි උවයිස් පිළිතුරු දී ඇත්තේ අරාබි භාෂාව ඉගෙන ගන්නේ නාම පුවරුවල ප්‍රදර්ශනයට නොව ශුද්ධවූ කුරාණය කියවීමට බවයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ ජන ඝනත්වය සහ සමාජ පසුබිම විස්තර කරමින් එහි වර්ග කිලෝ මීටර් 6.5ක භූමි ප්‍රදේශයක 50,000ක පමණ ජනතාවක් ජිවත්වන බව ඔහු පවසා ඇත.

කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සංවිධානය ආරම්භයේදීම සහරාන්ගේ කටයුතු නැවත්වීමට පියවර ගත් බවත් 2016 වසරේ සිට සහරාන්, තමන් අයිඑස් සංවිධානයට පක්ෂපාති බව ප්‍රසිද්ධ රැස්වීමක ප්‍රකාශ කර තිබූ බවත් අබුසාලි උවයිස් පවසයි.

මෙම ප්‍රකාශයට විරුද්ධව මුස්ලිම් ජනතාව දැනුවත් කිරීම සඳහා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් සංවිධානය කර තිබූ රැස්වීමකට කඩා වැදුණු සහරාන්ගේ අනුගාමිකයන් කඩු, පොලු සහ ග්‍රෙනේඩ් රැගෙන පැමිණ එහි සිටි ජනතාවට පහර දුන් ආකාරයද අබුසාලි
උවයිස් තේරීම් කාරක සභාව හමුවේ පවසා ඇත. වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ එම සිද්ධියට සහරාන්ගේ කණ්ඩායමට විරුද්ධව නීතිමය පියවර ගැනීමෙන් පසු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුනත් සහරාන් සහ ඔහුගේ සොයුරා අත්අඩංගුවට ගෙන නොතිබූ බවයි.