தமிழ்
English
Contact
Thursday 1st October 2020    
කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් පරීක්ෂක රිමාන්ඩ් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් පරීක්ෂක රිමාන්ඩ්



කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හොරණ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක කේ. සුනිල් පෙරේරා නැමැත්තා අද (08) බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

යතුරු පැදියක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ කාන්තාවකට ඊට අදාළ ලේඛන ලබාදීම සඳහා ලිංගික අල්ලසක් ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.