தமிழ்
English
Contact
Tuesday 7th July 2020    
කාන්තාවක් නිරුවත්කර පහරදීමේ වීඩියෝව ගැන පොලීසියෙන් පරීක්ෂණයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාන්තාවක් නිරුවත්කර පහරදීමේ වීඩියෝව ගැන පොලීසියෙන් පරීක්ෂණයක්



සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින නිරුවත් කාන්තාවකට පහරදෙන වීඩියෝව සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

සිද්ධිය සිදුවූයේ කවදාද සහ කොතැනද යන්න තවමත් පැහැදිලි නැති නමුත් සමහර සමාජ මාධ්‍ය වාර්තා වලට අනුව මෙම සිදුවීම තොටළඟ ප්‍රදේශයේ සිදුව තිබේ.

වීඩියෝවේ දැක්වෙන්නේ නිරුවත් කාන්තාවක් පාරට ඇදගෙන ගොස් පිරිමින් පිරිසක් විසින් පහර දෙන බවයි. සිද්ධිය පිළිබඳව විමසූ විට පොලිස් මාධ්‍ය ඒකකයේ නිලධාරියෙකු පැවසුවේ සිද්ධිය පිළිබඳව පොලිසිය දැන සිටි බවයි. එම වීඩියෝ පටය සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස ප්‍රචාරය වෙමින් පවතින බව පොලීසිය දුටු බවද එම නිලධාරියා පවසා ඇත.

මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමේදී මෙවැනි සිදුවීමක් ඇතිව තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මත පළවෙමින් තිබේ. යම් කිසි කෙනෙක් අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේද පවතියි. විශේෂයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් කාන්තා නිලධාරිනියක් සිටිය යුතු වුවත් එම වීඩියෝව තුළ එවැනි නිලධාරිනියක් දක්නට නොලැබේ. එසේම පොලීසියට හෝ කිසියම් කෙනෙකුට පහරදීමට අයිතියක් නොමැත. මේ කාරණා නීතියට පටහැනි ක්‍රියාවන් වේ. අනිත් අතින් මේ වීඩියෝව තුළ දක්නට ලැබෙන ආකාරයට අවට රැස්ව සිටින පිරිස් මෙම ක්‍රියාව අනුමත කරනු විනා එයට එරෙහි වනු දක්නට නොලැබීමයි. පොලීසිය වැනි රාජ්‍ය ආයතනවල සදාචාර විරෝධී, නීති විරෝධී හැසිරීම් සාමන්‍ය ජනතාව විසින් අනුමත කිරීම බරපතල තත්ත්වයක් ලෙස සැළකිය යුත්තකි.