தமிழ்
English
Contact
Friday 16th April 2021    
කාන්තාවන්ට එරෙහි අසාධාරණකම් සොයන්න පාර්ලිමේන්තු කාරක සභාවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලීමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාන්තාවන්ට එරෙහි අසාධාරණකම් සොයන්න පාර්ලිමේන්තු කාරක සභාවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලීමක්



මෙරට කාන්තාවන්ට එරෙහි අසාධාරණයන් සහ අකටයුතුකම් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් ස්ථාපිත කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර තිබේ.

කථානායකවරයාගේ අනුමැතිය සහිතව අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව, එළඹෙන මාර්තු 09 වැනිදා මේ කාරක සභාව පිහිටුවීම ප්‍රකාශයට පත් කිරීමටද තීරණය කර ඇත. එමෙන්ම මේ කමිටුවට කාන්තා පුරුෂ දෙපාර්ශ්වයම ඇතුළත් බවද කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි.

කිසියම් තනතුරක තම දක්ෂතාව, කුසලතාව සහ හැකියාව මත ඉහළට යෑමේදී කාන්තාවන්ට වන විවිධ හිංසන, ප්‍රචණ්ඩත්ව, වෙනස්කොට සැලකීම වැනි අකටයුතුකම් විමර්ශනය කිරීමේ හැකියාව ඇති පූර්ණ බලතල සහිතව මේ පාර්ලිමේන්තු කාරක සභාව ස්ථාපිත විය යුතු යැයි කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස සැලකුණු බිම්ශානි ජාසින් ආරච්චිගේ පත්වීම අභියෝගයට ලක් කිරීම හෙළාදකිමින් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය මේ මාධ්‍ය හමුව පවත්වා තිබුණි.