தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
කාන් සිනමා උළෙලේ හොඳම නිර්මාණයට හිමි සම්මානය 'Titane' චිත්‍රපටයට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාන් සිනමා උළෙලේ හොඳම නිර්මාණයට හිමි සම්මානය ‘Titane’ චිත්‍රපටයට



2021 කාන් සිනමා උළෙලලේ හොඳම සිනමා කෘතියට හිමි සම්මානය, ප්‍රංශ සිනමා අධ්‍යක්ෂිකා ජුලියා දුකුර්නුගේ ‘Titane’ චිත්‍රපටයට හිමි වී තිබෙනවා.

74 වැනි කාන් සිනමා උළෙලේ Palme d’Or සම්මානය දිනාගත් දෙවැනි කාන්තාව මෙන්ම මේ දක්වා එම සම්මානය තනිව හිමි වූ පළමු අධ්‍යක්ෂවරිය ලෙස මෙම සිනමාපටයේ අධ්‍යක්ෂිකා ජුලී දුකුර්නු වාර්තා පොත් අතරට එක්විය. ‘Titane’ ඇයගේ දෙවැනි වෘතාන්ත සිනමාපටයයි.

කාන් සිනමා උළෙලට ඉදිරිපත් කෙරුණු අතිශය බිහිසුනු කම්පනයකට හේතුවන සිනමාපට අතුරින් එකක් ලෙස Titane අවධානයට ලක්ව තිබුණි.

කාන් සිනමා උලේලේ හොඳම රංගන ශිල්පිනිය උදෙසා වූ සම්මානය, The Worst Person In The World චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් නෝවේජියානු රංගන ශිල්පිනි රේනා රේන්ස්වේ දිනාගත් අතර Nitram සිනමාපටයේ රංගනය වෙනුවෙන් කාලෙබ් ලැන්ඩ්‍රි හොඳම රංගන ශිල්පි සම්මානය දිනා ගත්තේය.

74 වැනි කාන් සිනමා උළෙලේ Grand Prix සම්මානය ඉරාන අධ්‍යක්ෂ අස්ගර් ෆර්හාඩිගේ A Hero සහ ෆින්ලන්තයේ ජුහෝ කුස්මානෙන්ගේ Compartment No 6 වශයෙන් සිනමාපට දෙකකට හිමිවිය.

මෙවර හොඳම තිර රචනයට සම්මාන දිනා ගත්තේ Drive My Car චිත්‍රපටයේ සම තිර රචනය වෙනුවෙන්, හමගුචි රියුසුක් සහ ටකමුසා ඔයි විසිනි.

 

රේනා රේන්ස්වේ
කාලෙබ් ලැන්ඩ්‍රි