தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
කාබනික පොහොර ආනයනය අත්හිටුවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාබනික පොහොර ආනයනය අත්හිටුවයි



කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තම්නේතුව පවසයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇති පරිදි කාබනික පොහොර මෙරටට ආනයනය කිරීම හරහා ක්ෂුද්‍ර ජීවින් මෙරටට පැමිණීම වැනි හේතු ගණනාවක් මුල් කරගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ නමුත් 2021/22 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය වන හිඟ කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාවයන් ආනයනය කිරීමටත් ඒ අනුව, හෙක්ටයාර් 500,000කට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමට පියවරගන්නා බව පසුගිය දා (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසිනි.