தமிழ்
English
Contact
Saturday 19th June 2021    
කාබනික පොහොර ආනයනය කරන්න බලාපොරොත්තුවක් නැහැ - මහින්දානන්ද අලුත්ගමගේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාබනික පොහොර ආනයනය කරන්න බලාපොරොත්තුවක් නැහැ – මහින්දානන්ද අලුත්ගමගේ



ඉදිරියේ දී රසායනික පොහොර තහනම් කිරීමේ වැඩපිළිවෙල හමුවේ කාබනික පොහර මෙරටට ආනයනය කිරීමේ රජයේ බලාපොරොත්තුවක් නොමැති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී පවසා තිබේ.

ඒ අනුව අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටියේ ඉදිරියේ දී මෙරටට අවශ්‍ය නයිට්රිජන් දියර ප්‍රමාණය පමණක් ආනයනය කළහොත් එය මෙරට පරිසරයට හානිකර ද යන්න සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කළ බවයි.

මේ සම්බන්ධව සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ගොවියන් සමඟ සාකච්ඡා කළ බවත් කිසිම ගොවියෙකු කාබනික පොහොර භාවිතයට විරුද්ධ නොවූ බව ද ඇමතිවරයා පවසා ඇත.

කාබනික පොහොර ආනයනය කිරීමේ බලාපොරත්තුවක් නැති බව ඇමතිවරයා පැවසුව ද මේ වනවිටත් පොහොර තොග කිහිපයක් වරායට පැමිණ තිබෙන බව වාර්තා විය. එපමණක් නොව ඉන්දියාවේ සිට ආනයනය කරන ලද කාබනික පොහොර තොගයක් නාගරික කසළවලින් නිපදවා ඇති බවට ලැබුණු ආරංචියට අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවද නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා පවසා ඇත.