தமிழ்
English
Contact
Saturday 19th June 2021    
කාබනික පොහොර ආනයනය කිරීමේ තීරණයත් රිවස් වෙන ලකුණු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාබනික පොහොර ආනයනය කිරීමේ තීරණයත් රිවස් වෙන ලකුණු!



පිටරටින් කාබනික පොහොර ගෙන්වීමේ තීරණය ප්‍රයෝගික නොවන බව සහ කළ නොහැකි බව ආණ්ඩුව තීරණය කොට ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි. එයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ රටේ දැනට ක්‍රියාත්මක නීති අනුව එය නීති විරෝධී බව තේරුම් යාම සහ එය ප්‍රයෝගික නොවන බව තේරුම් යාමයි. කෘෂිකර්මයේ ආරක්ෂාවට ඇති එම නීති වෙනස් කිරීම ද කළ නොහැකි බව පැහැදිලි වී ඇතයි ද පැවසේ.

එමෙන් ම පිටරටින් කාබනික පොහොර ආනයනය කොට ගොවිතනට යෙදීම රසායනික පොහොර යෙදීමට වඩා භයානක ප්‍රතිවිපාක දෙන බව පරිසරවේදීන් සහ කෘෂි විශේෂඥයන් පෙන්වා දෙමින් සිටියි. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මීට පෙර කාබනික පොහොර ගෙන්වීමේදී විෂබීජහරණයට ලක් කර ගෙනෙන බව පැවසීම සම්බන්ධයෙන්ද විශාල ආන්දෝලනයක් රට තුළ ඇතිව තිබේ. මේ පිළිබඳ අනිද්දා පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් නීතිඥ ජගත් ගුණවර්ධන පවසා තිබුණේ ටොන් ගණනක් කාබනික පොහොර ගෙන්වා විෂබීජහරණය කළ හොත් එහි ජෛව ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නතර වන බවයි. ඉන්පසු එහි ඉතිරිවන්නේ කාබනික ද්‍රව්‍ය පමණක් බැවින් නැවත ඒ පොහොරවල ජෛව ක්‍රියාවලිය සෑදීම සඳහා කාලයක් ගතවන බවයි.

මේ අනුව ආණ්ඩුව පොහොර ගෙන්වීමේ තීරණය ගැන වැඩිදුර පියවර නොගැනීමට තීරණය කොට ඇති බව පෙනෙන්නට තිබේ. මෙම තත්ත්වය සනාථ කරමින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (04) මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණේ රටේ නිෂ්පාදනය සළකා බැලීමේදී කාබනික පොහොර පිටරටින් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බව යි.

මෙය කාබනික පොහොර ගෙන්වීමේ තීරණය ඉවත්කර ගැනීම වක්‍ර ලෙස ප්‍රකාශ කිරීමක් බව දේශපාලන විචාරකයන් සඳහන් කරයි.

කාබනික පොහොර රටින් ගෙන්වන ලෙස පසුගියදා නියෝග කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි. ඒ අනුව පසුව කැබිනට් මණ්ඩලය ද එම තීරණය අනුමත කර තිබුණි.