தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
කාබනික පොහොර නිෂ්පාදනයේ වගකීම ගොවීන්ටම පවරන යෝජනාවට කැබිනට් අනුමැතිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාබනික පොහොර නිෂ්පාදනයේ වගකීම ගොවීන්ටම පවරන යෝජනාවට කැබිනට් අනුමැතිය



එ‍ළඹෙන මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර අවශ්‍යතාව සපුරා ගැනීමට අදාල කැබිනට් යෝජනාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් ඊයේ පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීම ගොවීන්ටම පැවරෙන අතර ඒ වෙනුවෙන් දිරි දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ. හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් එම දීමනාව ලබාදෙන අතර කෙසේ නමුත් එය ‍උපරිම හෙක්ටයාර දෙකකට සීමා කර තිබේ.

මීට අමතරව බලපත්‍රලාභී නිෂ්පාදකයන් විසින් සිදු කරන කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට අවශ්‍ය පියවර ගැනීමද මේ යටතේ සිදු කෙරේ.