தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන්ට රු. 10000ක් දෙනවා - මහින්දානන්ද අලුත්ගමගේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන්ට රු. 10000ක් දෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ



හෙක්ටයාරයක් සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියකුට රුපියල් 10000 ක මුදලක් දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

පුද්ගලයින් සහ ආයතන නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර රාජ්‍ය පොහොර සමාගම් හරහා ගැටලුවකින් තොරව මිලට ගන්නා බවද ඔහු පවසා ඇත.

එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදන හා සැපයුම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව පවසා තිබේ.

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය සංස්ථා, මණ්ඩල සභාපතිවරු අධ්‍යක්ෂ ජනරාල්වරු යුද හමුදාවේ හා සිවිල් ආරක්ෂක බලකා නිලධාරීහු සහභාගී වී තිබේ.

මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට ආයතන රැසක් පූර්ණ දායකත්වය ලබාදීමට එකඟ වී ඇති බව ද ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මේ අනුව රසායනික පොහොර තහනම් කර කාබනික ගොවිතැනට මාරුවිය යුතු බවට පුරසාරම් දෙඩුවද කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වූ වගකීම ආණ්ඩුව බාර නොගන්නා බව පෙනේ.